සිව්වැනි යොවුන් ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පදක්කම් 12 ක්...

දෙසැ 08, 2021

    සිව්වැනි යොවුන් ආසියානු පැරා ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනට පැමිණියා.

    එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පදක්කම් 12 ක් හිමිකර ගැනීම විශේෂත්වයක්. තරගාවලිය පැවැත්වුණෙ, බහරේන්හිදී. ජයග්‍රාහී කණ්ඩායම පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරින් ඇතුළු පිරිසක් අද කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 7 දෙනෙකු තරගාවලියට එක්ව සිටියා. මෙහිදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 4 ක් රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් හිමකරගත්තා.

    Latest News