ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

නොවැ 06, 2021

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ඩුබායි වෙත ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (06) අලුයම අද අලුයම 1.00 පමණ දිවයිනට පැමිණි‌යේය.

    මෙවර තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ සියලු තරග ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම අනතුරුව සුපිරි 12 දෙනාගේ වටයට පිවිසියේය.

    එම වටයේදී බංග්ලාදේශයට එරෙහිව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තරග විශිෂ්ට ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

    කෙසේ නමුත් සුපිරි 12 දෙනාගේ වටයේ සෙසු තරග පරාජය වීම හේතුවෙන් අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි විය.

    Latest News