ශ්‍රී ලංකා - ඉන්දීය කොදෙව් තරඟය අද

නොවැ 04, 2021

    මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරඟය අද පැවැත්වෙයි.

    ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි.
    තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30ට අබුඩාබි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
    ශ්‍රී ලංකාවට මෙම තරඟයේ ප්‍රතිඵලය වැදගත් නොවූවත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට අවසන් පූර්ව වටය සඳහා පිවිසීමට මෙම තරඟය ජයගත යුතුවෙයි.

    ශ්‍රී ලංකා සංචිතය

    පැතුම් නිශ්ශංක, කුසල් ජනිත් පෙරේරා, චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, ළහිරු කුමාර

    බටහිර ඉන්දීය කොදෙව් සංචිතය

    කිරන් පොලාඩ් (නායක), නිකොලස් පුරාන්, ඩ්වේන් බ්‍රාවෝ, රොස්ටන් චේස්, ඇන්ඩ්‍ර ෆ්ලෙට්චර්, ක්‍රිස් ගේල්, ශිම්රන් හෙට්මයර්, ජේසන් හෝල්ඩර්, අකීල් හුසේන්, එවින් ලෙවිස්, රවී රාම්පෝල්, ඇන්ඩ්‍ර රසල්, ලෙන්ඩ්ල් සිමන්ස්, ඔශේන් තෝමස්, හෙයිඩ්න් වොල්ෂ්

    Latest News