T20; ඇෆ්ගනිස්ථානයට ලකුණු 130 ක ජයක්...

ඔක් 26, 2021

    20 - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඇෆ්ගනිස්ථානය සහ ස්කොට්ලන්තය අතර ඊයේ පැවති තරඟයෙන් ලකුණු 130 ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථානය සමත් වුණා.

    තරඟය පැවැත්වුණේ සාජා ක්‍රීඩාංගනයේදී.  කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථානය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව, ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 190 ක් රැස් කළා.

    ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් නජිබුල්ලා සඩ්රන් ලකුණු 59 ක් සහ රහමනුල්ලා ගබාස් ලකුණු 46 ක් ලබාගත්තා. ලකුණු 191 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ස්කොට්ලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 60 ක් පමණයි. පන්දු යැවීමේදී මුජිබර් රහමන් කඩුලු 5 ක් සහ රජිඩ් ඛාන් කඩුලු 4 ක් දවාගත්තා.

    ඒ අනුව, දෙවැනි කාණ්ඩය යටතේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් වුණා.

    Last modified on අඟහරුවාදා, 26 ඔක්තෝබර් 2021 12:06

    Latest News