ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

ඔක් 23, 2021

    20-20 ලෝක කුසලාන තරගාවලියේ අවසාන මූලික වටයේ තරඟයෙන් නෙදර්ලන්තය පහසුවෙන් පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

    නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 10ක් තුල සියලුදෙනා දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 44ක් පමණයි.

    පන්දු යැවීමේදී ලහිරු කුමාර සහ වනිදු හසරංග කඩුලු 3 බැගින් දවා ගත් අතර මහීෂ් තීක්ෂණ කඩුලු 2ක් බිඳ හෙළිය. දුශ්මන්ත චමීර එක් කඩුල්ලක් බිඳ හෙලීමට සමත් විය.

    ලකුණු 45ක පහසු ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිශ්ශංක කිසිදු ලකුණක් නොලබාම දැවී ගිය අතර දිනේෂ් චන්දිමාල් වෙනුවෙන් ක්‍රීඩා කල චරිත් අසලංකට රැස් කරගත හැකිවූයේ ලකුණු 6ක් පමණයි.

    කුසල් ජනිත් පෙරේරා නොදැවී පන්දු 24කදී ලකුණු 33ක් රැස් කල අතර එයට හතරේ පහර 6ක් ඇතුලත්.
    අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 2 ක් රැස් කළේය.

    ඒ අනූව, ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 7.1කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 45ක් රැස් කරමින් තරගය පහසුවෙන් ජයගත්හ.

    Latest News