20-20; ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය අද (20) අයර්ලන්තය සමග...

ඔක් 20, 2021

    පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය අද (20) අයර්ලන්තය සමඟ පැවැත්වෙනවා.

    ඒ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 ට. නැමීබියාව සමග පැවති පළමු තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ කඩුලු 7 කින්.

    20-20 ලෝක කුසලාන තරගාවලියට අදාළව ඊයේ පැවති තරග දෙකෙන් පැපුවානිව්ගිනියා කණ්ඩායමට එරෙහිව පැවති තරගය ස්කොට්ලන්තය ජය ගනු ලැබුවේ ලකුණු 17කින්.

    ඕමානය පරදවා ලකුණු 26ක ජයක් ලබාගැනීමට බංග්ලාදේශය සමත් වූවා.

    Last modified on බදාදා, 20 ඔක්තෝබර් 2021 18:10

    Latest News