තීරණාත්මක තරඟය අද

සැප් 07, 2021

    සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී අද පැවැත්වෙයි.

    තරඟය ආරම්භ වන්නේ පස්වරු 2.30ට. තරග 3කින් සමන්විත මෙම එක්දින තරඟාවලිය මේ වන විට එකට එකක් ලෙස සම තත්වයේ පසුවෙයි. ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟය ජය ගතහොත් ඔවුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව එක්දින තරඟාවලියක් ජය ගන්නේ වසර 8 කට පසුවයි.

    ශ්‍රී ලංකා පිල අවසන් වරට 2013 වසරේ ජූලි මස දකුණු අප්‍රිකාවට එරෙහිව මෙරටදී පැවැති තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 4-1ක් ලෙස ජය ගෙන තිබේ. ඉන් පසු පැවැති තරගාවලි හතරම ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත්ව ඇත.

    එමෙන්ම කණ්ඩායම් දෙකේම නායකයන් දෙදෙනා දෙරටට එරෙහිව කණ්ඩායම් මෙහෙයවන පළමු අවස්ථාව ද මෙයයි. 

    Latest News