අවසන් තරඟය දෙපිලටම විවෘතයි...

සැප් 06, 2021

    ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරඟය, හෙට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

    තරඟාවලියේ ජයග්‍රහණය හිමි කර ගැනීමට නම්, ශ්‍රී ලංකාව හෙට තරඟය අනිවාර්යෙන්ම ජය ගත යුතුවේ.  තරඟාවලියේ පළමු තරඟයෙන් ශ්‍රී ලංකාව ලකුණු 14 ක ජයක් වාර්තා කළ අතර, දෙවැනි තරඟය ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව දකුණු අප්‍රිකාව ජයගත්තේ ලකුණු 67 කින්. ඒ අනුව, දෙපිලම එක් තරඟය බැගින් ජයග්‍රහණය කර මේ වන විට තරඟාවලිය සම මට්ටමේ පවතී.

    ශ්‍රී ලංකාව අවසන් වරට දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරඟාවලියක් ජයග්‍රහණය කර තිබෙන්නේ 2013 වසරේදි යි. මෙරට දී පැවති එම තරඟවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ, තරඟ 4 ට 1 ක් ලෙසයි. හෙට පැවැත්වෙන්නේ, ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන 80 වැනි එක්දින ක්‍රිකට් තරඟයයි. මින් පෙර පැවති තරඟ 79 න් දකුණු අප්‍රිකාව තරඟ 45 ක් ජයගෙන ඇති අතර, ශ්‍රී ලංකාව ජයගත් තරඟ සංඛ්‍යාව 32 ක්. එක් තරඟයක් ලකුණු සමවීමෙන් අවසන් වී ඇති අතර, අනෙක් තරඟය තීරණයකින් තොරව අවසන් වී ඇත.

    Latest News