ලෝක යොවුන් චෙස් ශූරතාව ඕෂිනි දේවින්ද්‍යාට...(වීඩියෝ)

සැප් 05, 2021

    ලෝක යොවුන් චෙස් තරගාවලියේ වයස අවුරුදු 10න් පහළ වයස් කාණ්ඩයේ බාලිකා ශුරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ඕෂිනි දේවින්ද්‍යා ගුණවර්ධන සමත්ව තිබෙනවා.

    තරගාවලිය පැවැත්වුණේ අමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තය මුල්කර ගනිමින්. කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් තරගාවලිය මෙවර පැවැත්වුණේ, මාර්ගත ක්‍රමය ඔස්සේයි. ලොව පුරා රටවල් 107ක තරගකරුවන් 1650ක් මීට එක්ව සිටියා.

    වයස් කාණ්ඩ 5ක් යට‍තේ බාලක සහ බාලිකා වශයෙන් තරගය පැවැත්වුණා. ඕෂිනි තරග කළ වයස අවුරුදු 10න් පහළ බාලිකා අංශයට තවත් තරගකරුවන් 183ක් එක්ව සිටියා.

    ඇය අවසන් තරගයේදී අමෙරිකාවේ මේගන් පැරගුවා ක්‍රීඩිකාවට එරෙහිව තරග වැදුණා. ඉන් ජයග්‍රහණය කළ ඕෂිනි දේවින්ද්‍යා තරගාවලියේ 10න් පහළ බාලිකා අංශයේ ශුරතාව දිනා ගැනීමට සමත්වුණා. ඇය, මීට පෙර ද ආසියානු සහ ලෝක මට්ටමේ ජයග්‍රහණ කිහිපයක් වාර්තා කළ ක්‍රීඩිකාවක්.

    ඕෂිනි දේවින්ද්‍යා රත්නපුර ෆර්ගියුසන් උසස් බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්. ඇයගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා ද සුභපැතුම් එක්කර තිබෙනවා.

    Last modified on ඉරිදා, 05 සැප්තැම්බර් 2021 19:46

    Latest News