එක් දින සහ 20-20 ක්‍රිකට් කණ්ඩායම නම් කෙරේ.....

අගෝ 30, 2021

    දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන ඒක්දින සහ 20-20 තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද ප්‍රකාශයට පත් කෙරුණා.

    දසුන් ශානක මෙහෙයවන කණ්ඩායමට ක්‍රීඩකයින් 22 ක් ඇතුළත්. උපනායක ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, පැතුම් නිස්සංක, චරිත් අසලංක, වනිඳු හසරංග, කවිඳු මෙන්ඩිස් සහ මිනෝද් භානුක පිතිකරණ ලැයිස්තුවෙන්ද,  

    පන්දු යවන්නන් වශයෙන්, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණරත්න, නුවන් ප්‍රදීප්, බිනුර ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම, ලහිරු කුමාර, ලහිරු මධුසංක, පුලින තරග සහ මහීෂ් තීක්ෂණ කණ්ඩායමට ඇතුලත්.

    ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා ක්‍රිකට් තරඟාවලිය ආරම්භ කරමින් ලබන දෙවැනිදා පළමු එක්දින තරඟය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අතර, තරඟාවලියට එක්දින තරඟ 03 ක් සහ 20-20 තරඟ 03 ක් ඇතුලත්.

    Latest News