වනිඳුට සහ චමීරට RCB කණ්ඩායමට එක්වීමට අවසර

අගෝ 29, 2021

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන වනිඳු හසරංගට සහ දුෂ්මන්ත චමීරට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියරට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අනුමැතිය හිමිව තිබේ.

    තරගාවලියේ දෙවන අදියර සැප්. මස 19 වැනිදා ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග සඳහා කණ්ඩායම සමඟ එක්වන බවයි.

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියරේ දී වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි. මේ වනවිට ලොව 20-20 පන්දු යවන්නෙන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව දෙවන ස්ථානයේ පසුවන්නේ වනිඳු හසරංගයි.

    Latest News