දකුණු අප්‍රිකානු පිල සිය පුහුණුවීම් අරඹයි

අගෝ 29, 2021

    ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන, එක්දින සහ 20-20 ක්‍රිකට් තරගාවලිය සඳහා මෙරටට පැමිණි දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩයම සිය පුහුණුවීම් ආරම්භ කර තිබේ.

    පළමු පුහුණු සැසිය ඊයේ පැවැත්වුනේ කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී. දකුණු අප්‍රිකානු කණ්ඩායම, පසුගිය 26 වැනිදා මෙරටට පැමිණි අතර ඊයේ පුහුණුවීම් ආරම්භ කළේ, දින කිහිපයක් නිරෝධායනය වීමෙන් පසුවයි. දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙරට සංචාරයක නිරත වන්නේ, 2018 වසරෙන් පසුවයි. ටෙම්බා බව්මා මෙහෙයවන දකුණු අප්‍රිකානු කණ්ඩායමට ක්‍රීඩකයන් 19ක් ඇතුළත්.

    තරගාවලිය ආරම්භ කරමින් ලබන මස දෙවැනිදා පළමු එක්දින තරගය පැවැත්වීමට නියමිතයි. දෙවැනි එක්දින තරගය සැප්තැම්බර් මස 4 වැනිදාත්, තෙවැනි එක්දින තරගය සැප්තැම්බර් මස 7 වැනිදාත් පැවැත්වේ.

    20-20 තරග තුන පැවැත්වෙන්නේ සැප්තැම්බර් 10,12, සහ 14 යන දිනයන්හිදීයි. සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

    Latest News