මහේෂ් ජයකොඩි "බී" කාණ්ඩයේ අවසන් තරගයට

අගෝ 28, 2021

    ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ "පී.ආර්.එක" පිරිමි කේවල ඔරු පැදීමේ තරගාවලියේ "බී" කාණ්ඩයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ මහේෂ් ජයකොඩි අද සමත්විය.

    ඒ, දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයෙන් 5 වැනි ස්ථානය හිමිකර ගනිමින්. මහේෂ් ජයකොඩි ඊයේ දෙවැනි මූලික වටයේ තරගයට සහභාගි වෙමින්, ඉන් 6 වැනි ස්ථානය හිමිකර ගත්තේය. ඔහුට "ඒ" කාණ්ඩයේ අවසන් තරගයට සුදුසුකම් ලැබීම සඳහා අද සුදුසුකම් ලැබීමේ දෙවැනි මූලික තරගයට සහභාගි වීමේ අවස්ථාව හිමිවිය.

    නමුත්, එම තරගයෙන් මහේෂ් ජයකොඩිට හිමිවුණේ 5 වැනි ස්ථානයයි. ඔහු තරගය නිම කිරීමට විනාඩි 11 තත්පර 21 දශම 3යි එකක කාලයක් ගත කළේය. ඒ අනුව, ඔහුට "ඒ" කාණ්ඩයේ අවසන් තරගය අහිමිවූ අතර, මහේෂ් ජයකොඩි හෙට "බී" කාණ්ඩයේ අවසන් තරගයට සහභාගි වීමට නියමිතයි.

    Latest News