පැරාලිම්පික් ඔරු පැදීමේ ක්‍රීඩක මහේෂ් අද තරග බිමේ

අගෝ 27, 2021

    ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග පැවැත්වෙන තුන් වැනි දිනය අදයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් අද ඔරු පැදීමේ ක්‍රීඩක මහේෂ් ජයකොඩි තරග බිමට පිවිසියේය. 

    ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකු පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වෙයි. අද උදෑසන මහේෂ් ජයකොඩි සහභාගී වුණේ පී ආර් 1 පිරිමි කේවල ඔරු පැදිමේ දෙවැනි මූලික තරගයටයි. 

    එහිදි මහේෂ් ජයකොඩි 6 වැනි ස්ථානය දිනා ගත්තේය. ඒ සඳහා ඔහුට ගතවූ කාලය විනාඩි 12 තත්පර 16.80ක්. මෙම තරගයේ පළමු ස්ථානය යුක්‍රේන ක්‍රීඩකයෙක් දිනාගත් අතර දෙවැනි ස්ථානය බ්‍රිතාන්‍ය ක්‍රීඩකයෙකුට හිමිවිය.

    තෙවැනි ස්ථානය දිනා ගත්තේ ඊශ්‍රායල ක්‍රීඩකයෙක් විසින්. මහේෂ් ජයකොඩිට මෙම ඉසව්වේ අවසාන තරගයට සහභාගී වීම වෙනුවෙන් හෙට දිනයේ දී පැවැත්වෙන තවත් සුදුසුකම් ලැබීමේ තරගයකට සහභාගී වීමට සිදුවිය. 

    Latest News