ඉන්දියා-එංගලන්ත තුන්වැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

අගෝ 28, 2021

    ඉන්දියාව සහ එංගලන්තය අතර තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි.

    තරගය ඊයේ නිමාවන විට ඉන්දියාව දෙවැනි ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 215ක් ලබා සිටියේය. තරගය පැවැත්වෙන්නේ, ලීඩ්ස්හි හෙඩිංග්ලි ක්‍රීඩාංගනයේදී. පළමු ඉනිම සඳහා ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළේ, ලකුණු 78ක් පමණි. ඊට පිළිතුරු ලෙස එංගලන්තය පළමු ඉනිමට ලකුණු 432ක් ලබා ගත්තේය. ජේ රූට් ලකුණු 121යි. ඩේවිඩ් මාලන් ලකුණු 70ක් රැස් කළේය.

    පන්දු යැවීමේදී මොහොමඩ් ෂාමි කඩුලු 4ක් බිඳ හෙලීය. ඊයේ දිනය අවසන් වනවිට ඉන්දීය දෙවැනි ඉනිම වෙනුවෙන් චෙටෙස්වර් උජාරා නොදැවී ලකුණු 91ක් සහ විරාට් කෝලි ලකුණු 45ක් ලබා සිටියේය.

    Latest News