අයි.සී.සී. ලෝක කුසලාන ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය අද

ජූනි 18, 2021

    ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට පැවැත්වෙන අයි.සී.සී. ලෝක කුසලාන ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය එංගලන්තයේ සවුතම්ටන් හිදී අද (18) ආරම්භ වේ.

    තරගය පැවැත්වෙන්නේ, ඉන්දියාව සහ නවසීලන්තය අතරයි. ලෝක ටෙස්ට් තරගාවලිය ආරම්භ කෙරුණේ 2019 වසරේදී. මූලික වටය සඳහා රටවල් 9ක් තරග වැදුණි. එහි ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසු වූ ඉන්දියාව සහ නවසීලන්තය අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

    අවසන් තරගයේදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවන්නේ විරාත් කෝලි. ප්‍රතිවාදී නවසීලන්ත කණ්ඩායම කේන් විලියන්සන් විසින් මෙයෙවනු ලබයි. තරගාවලියේ ශුරතාව දිනාගන්නා කණ්ඩායමට ලෝක ටෙස්ට් ශුරතා සෙංකෝලය සමඟ හිමිවන මුදල් ත්‍යාගය අමෙරිකානු ඩොලර් මිලියන 1.6ක්.

    Latest News