LPL තරඟාවලියට ක්‍රීඩකයන් ලියාපදිංචිය ඇරඹේ

ජූනි 21, 2021

    2021 ලංකා ප්‍රිමියර් ලීග් 20-20 තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම අද (21) සිට ඇරඹෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

    මාර්ග ගත (ඔන් ලයින්) ක්‍රමය ඔස්සේ ලබන 27 වැනිදා මධ්‍යහන 12.00 දක්වා ක්‍රීඩකයින්ට ඒ සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව පවතින බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

    එම ලියාපදිංචිවීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දක්වා තිබේ.

    ඒ අනූව ජාතික කණ්ඩායම් නියෝජනය කර ඇති හෝ පළමු පෙළ තරඟ ක්‍රීඩා කර ඇති දෙස් විදෙස් ක්‍රීඩකයින්ට ඒ සඳහා අවස්ථාව හිමිවනු ඇති.

    Last modified on සදුදා, 21 ජූනි 2021 10:26

    Latest News