'ICC Hall of Fame' ශ්‍රේෂ්ඨතම ක්‍රීඩක ලැයිස්තුවට සංගක්කාර‌ත්

ජූනි 14, 2021

    අයිසීසී හෝල් ඔෆ් ෆ්ලේම් හෙවත් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ නාමාවලියට ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාරගේ නම ද ඇතුළත් කර තිබේ. ඒ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින්.

    ලබන 18 වැනිදා ආරම්භ වන පළමු ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සමගාමීවයි, මෙම නම් කිරීම සිදුකර තිබෙන්නේ. කුමාර සංගක්කාරට අමතරව තවත් ක්‍රීඩකයින් 9 දෙනෙකුගේ නම් මෙම නාම ලේඛනයට ඇතුළත් කර තිබේ. ඒ අනූව ක්‍රිකට් ක්‍රීඩාවේ යුග 5කට අදාළව ක්‍රීඩකයින් දෙදෙනා බැගින් මීට අතුළත්ව තිබේ.

    1918ට පෙර යුගය, 1918 සිට 1945 දක්වා, 1946 සිට 1970 දක්වා, 1971 සිට 1995 දක්වා සහ 1996 සිට 2015 දක්වායි ක්‍රීඩකයින් නම්කර තිබෙන්නේ.

    කුමාර් සංගක්කාර සහ සිම්බාබ්බේ ක්‍රීඩක ඇන්ඩි ෆ්ලවර් ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ නාම ලේඛනයට ඇතුළත්ව තිබෙන්නේ 1996 සිට 2015 කාලයටයි. 2000 වසරේ සිට 2015 වසර දක්වා ශ්‍රී ලංකාව නියෝජනය කළ කුමාර් සංගක්කාර ටෙස්ට් ක්‍රිකට් තරග 134කදී එක්දින තරග 404ක දී සහ 20/20 තරග 56කදී ශ්‍රී ලංකාව නියෝජනය කළේය.

    ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළ අතර අවස්ථා රැසක දී කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවා තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලිය විසින් නම් කරන ලද අයිසීසී හෝල් ඔෆ් ෆ්ලේම් නාමාවලියට ක්‍රිකට් ක්‍රීඩකයින් 103 දෙනෙකු මේ වන විට ඇතුළත්ව තිබේ. සංගක්කාර ඊට ඇතුළත් කෙරුණු දෙවන ශ්‍රී ලාංකිකයයයි.

    මීට පෙර දඟ පන්දු යන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ද එම නාමාවලියට ඇතුළත් කෙරිණ.

    Latest News