ශ්‍රී ලංකා- කොදෙව් පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අදයි (24)

මාර් 24, 2021

    ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර, ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි.

    තෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 255ක් ලබා සිටී. තරගයේ ප්‍රථම ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 169ක් පමණි. පිළිතුරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය ප්‍රථම ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 271ක් රැස් කළේය.

    දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රථම කඩුල්ල ලෙස නායක දිමුත් කරුණාරත්න දැවී ගියේ, ලකුණු පුවරුව 8ක්ව තිබියදී. පසුව පිටියට පැමිණි ඕෂද ප්‍රනාන්දු සහ ලහිරු තිරිමාන්න 162ක සබඳතාවක් ගොඩනැගීමට සමත්වූහ. ඔෂඳ ප්‍රනාන්දු ලකුණු 91ක් සහ ලහිරු තිරිමාන්න ලකුණු 76ක් ලබා ගැනීමට සමත්වූහ.

    ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට වඩා ලකුණු 153ක් ඉදිරියෙන් පසුවිය.

    Latest News