ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කොදෙව් සංචාරයට පිටව යයි

පෙබ 23, 2021

    එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ සීමිත පන්දුවාර තරග සදහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

    එක්දින කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි දිමුත් කරුණාරත්න විසින් දරනු ලබන නමුත් T20 කණ්ඩායමේ නායකයා වන්නේ දසුන් ශානකයි.

    අවිශ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස් සහ ඉසුරු උදාන සංචිතයට ඇතුළත් කර නොමැති අතර, දේශීය ක්‍රිකට් පිටියේ පසුගිය කාලයේ ඉහළ දක්ෂතාවයක් දැක් වූ පැතුම් නිස්සංක මෙන්ම, කමිදු මෙන්ඩිස්, අශේන් බණ්ඩාර සහ ඩිල්ෂාන් මදුෂංක යන ක්‍රීඩකයින් ද 20 දෙනෙකුගෙන් යුත් සංචිතයට ඇතුළත්.

    කෙසේ වෙතත්, නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා ලෙසින් සම්මාන ලබමින් ඉහළ දක්ෂතාවයක් දැක් වූ ධනංජය ලක්ෂාන්ට තවමත් ජාතික කණ්ඩායමට ඇතුළත් වීමට අවස්ථාවක් හිමි වී නොමැත.

    මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වූ බවට අද හදුනා ගත් ළහිරු කුමාර වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට කැදවා ඇත්තේ සුරංග ලක්මාල්.

    කොදෙව් තරග සංචාරයේ දී දෙරට අතර T20 තරග 3ක්, එක්දින තරග 3ක් සහ ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

    ශ්‍රී ලංකා සංචිතය –

    දිමුත් කරුණාරත්න - නායක (TEST/ ODI ) දසුන් ශානක - නායක (T20) දනුෂ්ක ගුණතිලක පැතුම් නිශ්ශංක අශේන් බණ්ඩාර ඔෂද ප්‍රනාන්දු දිනේෂ් චන්දිමාල් ඇන්ජලෝ මැතිව්ස් නිරෝෂන් දික්වැල්ල තිසර පෙරේරා කමිඳු මෙන්ඩිස් වනිඳු හසරංග රමේෂ් මෙන්ඩිස් නුවන් ප්‍රදීප් අසිත ප්‍රනාන්දු දුෂ්මන්ත චමීර අකිල ධනංජය ලක්ෂාන් සඳකැන් දිල්ශාන් මදුශංක සුරංග ලක්මාල්

    Last modified on අඟහරුවාදා, 23 පෙබරවාරි 2021 14:51

    Latest News