සනත් ජයසූරිය යළි ක්‍රිකට් පුහුණුවීම් අරඹයි

පෙබ 23, 2021

    හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා මාර්ග ආරක්ෂණ ලෝක විස්සයි - 20 තරගාවලිය සඳහා සහභාගිවීමට පුහුණුවීම්වල නිරත වන බව වාර්තා වෙයි.

    ඒ අනුව සනත් ජයසුරිය සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීම තිලකරන්ත ඩිල්ෂාන් විසින් සිදු කරනු ලබන අතර රසල් ආනල්ඩ්, මලින්ද වර්ණපුර, චාමර සිල්වා, ධම්මික ප්‍රසාද්, නුවන් කුලසේකර, චින්තක ජයසිංහ සහ අජන්ත මෙන්ඩිස් ඇතුළු හිටපු ක්‍රීඩකයන් රැසක් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල නියෝජනය කිරීමට නියමිතව තිබේ.

    ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන්නේ සනත් ජයසූරිය සහ තිලකරන්ත දිල්ෂාන් වෙයි.

    Latest News