ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අදයි

පෙබ 18, 2021

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වන අදියරට අදාළ ක්‍රීඩක වෙන්දේසිය අද පස්වරුවේ චෙන්නායි හිදි පැවැත්නෙවා.

    වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 1,114 දෙනෙකු ලියාපදිංචි වී සිටිය ද ඉන් අවසන් ලැයිස්තුවට ඇතුළත්ව ඇත්තේ ක්‍රීඩකයින් 292 දෙනෙකු පමණයි.

    ක්‍රීඩක වෙන්දේසියට ඉන්දීය ක්‍රීඩකයින් 164 දෙනෙකු, විදෙස් ක්‍රීඩකයින් 125 දෙනෙකු සහ ටෙස්ට් වරම් නොලැබූ රට වලින් ක්‍රීඩකයින් තිදෙනෙකු ලැයිස්තුගතවී සිටිනවා. මෙවර ක්‍රීඩක වෙන්දේසිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 31 දෙනෙකු ලියාපදිංචි වුවද, අවසන් ලැයිස්තුවට තෝරා ගැනුනේ ක්‍රීඩකයින් 9 දෙනෙකු පමණයි.

    ඒ අනුව කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, කෙවින් කොත්තිගොඩ, මහේෂ් තීක්ෂණ, විජයකාන්ත් වියස්කාන්ත්, වනිදු හසරංග, දුෂ්මන්ත චමීර, දසුන් ශානක සහ ඉසුරු උදාන යන ක්‍රීඩකයින් අද පැවැත්වෙන වෙන්දේසියට ඉදිරිපත් කෙරෙනු ඇති.

    විදෙස් ක්‍රීඩකයින් 42 දෙනෙකු ඇතුළුව ක්‍රීඩකයින් 139 දෙනෙකු කණ්ඩායම් 8 විසින් සිය සංචිතවල රදවා ගැනීමට ඉකුත්දා තීරණය කළා.

     

    Latest News