ඉන්දියාවට ලකුණු 90ක ජයක්

ජන 28, 2019

    නවසීලන්තය සමග පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගය ලකුණු 90කින් ජය ගැනීමට ඉන්දියාව සමත්වුණා.

    තරගය පැවැත්වුණේ නවසීලන්තයේ දීයි. පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව, පන්දුවාර 50 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 324ක් රැස් කළා. රෝහිත් ශර්මා ලකුණු 87ක් රැස් කළ අතර, ෂිකර් දවාන් ලකුණු 66යි. මහේන්ද්‍ර සිංදෝනි නොදැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 48ක්. පිළිතුරු ලෙස නවසීලන්තයට පන්දුවාර 40යි පන්දු 02ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකිවුණේ ලකුණු 234ක් පමණයි. පන්දු යැවීමේ දී ඉන්දියාව වෙනුවෙන් කුල්දීප් යාදේවි ලකුණු 45කට කඩුලු 04ක් බිඳ හෙලුවා.

    Latest News