ශ්‍රී ලංකා - ද. අප්‍රිකා පළමු ටෙස්ට් තරගය; ශ්‍රී ලංකාව 340/6යි

දෙසැ 27, 2020

    ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේදී ශ්‍රී ලංකාව කඩුලු 6කට ලකුණු 340ක් රැස් කළේය.

    දිනය නිමාවන විට දසුන් ශානක නොදැවී ලකුණු 25ක් ද, කසුන් රාජිත නොදැවී ලකුණු 7ක් කරගෙන සිටී. තරගය පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන්හිදී. ලකුණු 54ට කඩුලු 3ක් බිඳ වැටී තිබියදී දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා ලකුණු 131ක සබඳතාවක් ගොඩ නඟමින් ශ්‍රී ලංකා පළමු ඉනිම ශක්තිමත් කළේය.

    ධනංජය ද සිල්වා ලබාගත් ලකුණු 79ට හතරේ පහර 11ක් සහ ‍හයේ පහරක් ඇතුළත්. දිනේෂ් චන්දිමාල් හතරේ පහර 11ක් සමඟ රැස් කළ ලකුණු සංඛ්‍යාව 85ක්. නිරෝෂන් දික්වැල්ල ලකුණු 49යි. දකුණු අප්‍රිකානු කණ්ඩායමකට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමක් ලබාගත් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 342ක්. ඒ, 2012 වසරේදී. එය ඉක්මවා යාමට නම් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ තවත් ලකුණු 3ක් පමණි. තරගයේ දෙවැනි දිනය අදයි.

    ඊයේ තරගයේදී ආබාධයට ලක්වීම නිසා ධනංජය ද සිල්වා සති දෙකක් විවේක ගැන්වීමට තීරණය කර තිබේ. ඒ අනුව ඔහුට ඉදිරි තරග අහිමි වනු ඇත.

    Latest News