ශ්‍රී ලංකා “ඒ“ කණ්ඩායමට ජය

ජන 21, 2019

    අයර්ලන්ත “ඒ“ කණ්ඩායම සමඟ පැවති දෙවැනි නිල නොවන එක්දින ක්‍රිකට් තරගය ද ජය ගැනීමට ශ්‍රී ලංකා “ඒ“ කණ්ඩායම අද සමත්විය.

    තරගය පැවැත්වුණේ හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා “ඒ“ කණ්ඩායම, පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 337ක්. උපුල් තරංග ලකුණු 103යි. කමිඳු මෙන්ඩිස් ලකුණු 76ක් රැස් කළ අතර, ඇන්ජලෝ පෙරේරා ලකුණු 72ක් රැස් කළේය.

    පිළිතුරු ලෙස අයර්ලන්ත “ඒ“ කණ්ඩායමට සියලු ක්‍රීඩකයන් දැවී රැස් කිරීමට හැකිවුණේ ලකුණු 162ක් පමණයි. ඒ අනුව ශ්‍රී ලංකාව තරගය ජයගත්තේ ලකුණු 175කින්.

    Latest News