2022 බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සූදානම සාර්ථක බව වාර්තා වේ

දෙසැ 17, 2020

    2022 වසරේ චීනයේ බෙයිජිං නගරයේ පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා වන සූදානම් කටයුතු ඉතා සාර්ථක බව ඔලිම්පික් සමුළුව පවසයි.

    9වැනි ඔලිම්පික් සමුළුව ඉකුත් 12වැනි දා වීඩියෝ ආකාරයෙන් පැවැත්විණ.

    එහිදී නිවේදනයක් නිකුත් කෙරිණ.

    බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉතා මැනවින් සූදානම් කෙරෙමින් තිබෙන අතර, ලබන වසරේ ජූනි 23වැනි දා ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීම කෙරෙහි විශ්වාසය තබන බව නිවේදනයේ දැක්වෙයි.

    සමුළු නියෝජිතයෝ, බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා චීන රජය අනුගමනය කරන නව කොරොනා වසංගත පාලන වාර්තාව විමසුමට ලක් කළහ.

    බෙයිජිං ශීතු ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල සුරක්ෂිත පරිසරයක් යටතේ පැවැත්වෙනු ඇති බව ද එම සමුළුව කියයි.

    ඔලිම්පික් ක්‍රීඩාවේ අනාගතය හා සම්බන්ධ වැදගත් කරුණු එම සමුළුවේදී සාකච්ඡා කෙරිණ.

    තහනම් උත්තේජන විරෝධතාව, ඔලිම්පික් හා පැරාලිම්පික් කෙරෙහි ජගත් ප්‍රජාව දක්වන සහය ඊට ඇතුළත් ය.

    Latest News