LPL 2020 ජය Jaffna Stallions සතු කරගනී

දෙසැ 17, 2020

    LPL - 2020 තරඟාවලියේ අවසන් මහා තරඟ​ය Galle Gladiators ස​හ Jaffna Stallion කණ්ඩායම් අතර ඊයේ රාත්‍රීයේ පැවැත්වුණා.

    Jaffna Stallions කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් කඩුළු 6 කට ලකුණු 188ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹාගි​ය Galle Gladiators කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකි වූයේ කඩුළු 9 කට ලකුණු 135ක් පමණයි.

    මේ අනුව, 2020 ලංකා ප්‍රිමියර් ලීග් නොහොත් LPL තරඟාවලියේ ජය Jaffna Stallions හිමිකරගත්තේ ලකුණු 53කින්.

    Jaffna Stallion කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කල ෂොයිබ් මලික් ලකුණු 46 ක් හා ධනංජය සිල්වා ලකුණු 33ක් රැස්කළා.

    නායකත්වයේ අගනා ඉනිමක් ක්‍රීඩාකළ තිසර පෙරේරා ලකුණු 39ක් රැස්කළා.

    Latest News