LPL අවසන් තරගය ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් අතර හෙට (16)

දෙසැ 15, 2020

    LPL ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත්විය.

    ඒ්, ඊයේ පැවති දෙවැනි අවසන් පූර්ව තරගයේදී දඹුල්ල වයිකිංස් කණ්ඩායම පරාජය කරමින්. තරගය පැවැත්වුණේ, හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 9ක් දැවී ලකුණු 165ක් රැස් කළේය. ජොන්සන් චාල්ස් ලකුණු 76යි. පන්දු 56කදී ගොඩනඟන ලද ඔහුගේ ඉනිමට හතරේ පහර 10ක් සහ හයේ පහරක් ඇතුළත්. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 39යි. පන්දු යැවීමේදී මාලින්ද පුෂ්පකුමාර කඩුලු 2ක් දවා ගත්තේය.

    පිළිතුරු ලෙස දඹුල්ල වයිකිංස් කණ්ඩායමට පන්දුවාර 19යි ඒක් පන්දුවකදී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 128ක් පමණි. උපුල් තරග ලකුණු 33ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 29ක් රැස් කළේය. වනිඳු හසරංග ලකුණු 15කට කඩුලු 3ක් බිඳ හෙළීය. ඒ් අනුව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම තරගය ජය ගත්තේ ලකුණු 37කින්. තරගාවලියේ අවසන් තරගය ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර හෙට (16) පැවැත්වීමට නියමිතයි.

    Latest News