මෙරට මැරතන් වාර්තා අලුත්කළ හිරුණි

දෙසැ 07, 2020

    මෙරට මළළ ක්‍රීඩා ඉතිහාසයේ කාන්තා මැරතන් ඉසව්වේ දෙවැනි හොඳම කාලය වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ හිරුණි විජේරත්න සමත් විය.

    ඒ ස්පාඤ්ඤයේ ඊයේ (06) පැවති වැලෙන්සා මැරතන් තරගයේ දී පැය දෙකයි විනාඩි 36යි තත්පර 16කින් එම ඉසව්ව නිමා කරමින්. මෙහිදී හිරුණි ක්‍රීඩිකාවන් 47ක් අතරින් 32 වැන්නා බවට පත්විය.

    මෙරට වේගවත්ම කාලය ලෙස හිරුණි මීට පෙර ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවනු ලැබුවේ පැය දෙකයි විනාඩි 34යි තත්පර 10ක කාලයක් තරඟය නිමා කරමින්.

    Latest News