කළම්බු කින්ග්ස් සහ කැන්ඩි ටස්කස් කණ්ඩායම් අතර තරඟය හෙට (26)

නොවැ 25, 2020

    ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හෙට (26) හම්බන්තොට සූරිය වැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී ආරම්භ වනවා.

    මෙවර තරගාවලියේ නිල විකාශන අයිතිය හිමි වී තිබෙන්නේ ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයටයි.

    තරගාවලිය ආරම්භ කරමින් හෙට (26) දිනයේදී කළම්බු කින්ග්ස් සහ කැන්ඩි ටස්කස් යන කණ්ඩායම් තරග වැදීමට නියමිතයි.

    තරගාවලියේ දෙවන තරගය ලෙස අනිද්දා (27) ක්‍රීඩා කරන්නේ ගෝල් ගැලැඩියේටර්ස් සහ ජැප්නා සැටැර්ලියන් යන කණ්ඩායම්.

    28 වනදා පැවැත්වෙන තුන්වන තරගය වෙනුවෙන් දඹුල්ල වයි කින්ග්ස් සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් තරග වැදීමට නියමිතයි.

    තරගාවලියේ සිව්වන තරගය පැවැත්වෙන්නේ විසි නව වනදායි.

    සිව්වන තරගය වෙනුවෙන් කළම්බු කින්ග්ස් සහ ගෝල් ගැලැඩියේටර්ස් තරග වැදීමට නියමිතයි.

    ලබන තිස් වනදා තරගාවලිය වෙනුවෙන් තරග දෙකක් පැවැත්වෙනවා.

    එහි පළමු තරගය ලෙස දඹුල්ල වයි කින්ග්ස් සහ ජැප්නා ස්ටැර්ලියන්ස් තරග වදින අතර ගෝල් ගැලැඩියේටර්ස් සහ කැන්ඩි ටස්කස් යන කණ්ඩායම් එදින රාත්‍රීයේදී තරග වැදීමට නියමිතයි.

    Latest News