2022 බෙයිජිං ශීත කාලීන ඔලිම්පික් හා පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට චීනය සූදානම්

නොවැ 24, 2020

    බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් ක්‍රිඩා උළෙල හා පැරාලිම්පික් ක්‍රිඩා උළෙල පිළිබඳ විවිධ සූදානම් කාර්යයන් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව, ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටුව, බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් ක්‍රිඩා උළෙල හා‍ පැරාලිම්පික් ක්‍රිඩා උළෙල සඳහා ව්‍යාපෘති සමාලෝචන සමුළුව පසුගියදා වී‍ඩියෝ ආධාරයෙන් පැවැත්විණ.

    බෙයිජිං නාගරික උප ප්‍රධානී මෙන්ම බෙයිජිං ශීත ඔලිම්පික් කමිටුවේ විධායක උප සභාපති Zhang Jiandong මහතා, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ බෙයිජිං 2022 ශීත ඔලිම්පික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති Juan Antonio Samaranch මහතා, ඒකාබද්ධව මෙම සමුලුවේ මුලසුන දැරූහ.

    නව කොරොනා වසංගතය සිදුවීමෙන් පසු ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව, ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටුව, බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් ක්‍රිඩා උළෙල හා පැරාලිම්පික් ක්‍රිඩා උළෙල වෙනුවෙන් පැවැත් වූ ප්‍රථම ව්‍යාපෘති සමාලෝචන සමුළුව මෙයයි.

    ප්‍රවාහන, ආහාර, වෙළෙඳපොළ සහ ප්‍රචාරය යන තේමා පිළිබඳව, බෙයිජිං ශීත ඔලිම්පික් කමිටුවේ අදාළ නිලධාරීන්, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ හා ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටුවේ විශේෂඥයන් සමඟ, උසස් පෙළේ රැස්වීම්, සමාන්තර රැස්වීම් හා සාරංශ රැස්වීම් පැවැත්වීම සම්බන්ධයෙන් එකඟතාවන්‍ට එළඹ තිබේ.

    බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් ක්‍රිඩා උළෙල හා පැරාලිම්පික් ක්‍රිඩා උළෙල පිළිබඳ ඒ ඒ කාර්යයන් සම්පූර්ණයෙන් ප්‍රවර්ධනය කරමින් සිටින බව Zhang Jiandong මහතා සඳහන් කළේය.

    Latest News