පාරමී දිවයිනට (ඡායා)

ඔක් 20, 2018

    යොවුන් ඔලිම්පික් පදක්කම්ලාභී පාරමී වසන්ති මාර්ස්ටෙලා ක්‍රීඩිකාව අද (20) උදෑසන දිවයිනට පැමිණියාය.

    කටුනායක ගුවන්තොටුපොලේ දී ඇය ඇතුළු කණ්ඩායමට උණුසුම් පිළිගැනීමක් ලැබිණි.

    ඇය දිවයිනට පැමිණියේ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙනි.

    ආජන්ටිනාවේ පැවති යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී පාරමී වසන්ති ක්‍රීඩිකාව මීටර 2000 කාන්තා බාධක දිවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගනු ලැබීය.

    මෙවර ක්‍රීඩා ඉතිහාසයේ යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලක දී ශ්‍රී ලංකාව හිමි කර ගත් පළමු පදක්කම මෙයයි.

    මේ අතර, 2007 වසරෙන් පසු ලෝක මට්ටමේ ක්‍රීඩා උළෙලක දී මෙරටට හිමි වූ පළමු පදක්කම ලෙස ද මෙය වාර්තා වේ.

    ParamiW 002

    ParamiW 003

    Latest News