20යි විස්සේ කාන්තා නායකත්වය චමරිට

ඔක් 19, 2018

    බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදි එළැඹෙන මස 09 සිට 24 දක්වා පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි20 ලොක කුසලාන ක්‍රිකට් තරගාවලියේදි ශ්‍රි ලංකා කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තුට හිමිව තිබේ.

    තරගාවලිය සඳහ එක්වන 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අනුමැතිය ලබාදුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදන කරයි.

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම -

    චමරි අතපත්තු (නායිකා), යශෝඨා මෙන්ඩිස්, ශෂිකලා සිරිවර්ධන, ඒෂානි ලොකුසූරිය, හසිනි පෙරේරා, අමා කාංචනා, රෙබෙකා වැන්ඩොට්, දිල්හානි මනෝදරා, නිලක්ෂිද සිල්වා, ශ්‍රිපාලි වීරක්කොඩි, සුගන්ධිකා කුමාරි, කවීශා දිල්හාරි, ඕෂධී රණසිංහ, ඉනොෂි ප්‍රනාන්දු, උදේශිකා ප්‍රබෝදනී

    Last modified on සිකුරාදා, 19 ඔක්තෝබර් 2018 16:34

    Latest News