රංගන ගේ අවසන් රංගනය ගාල්ලේදී

ඔක් 22, 2018

    වමත් දඟ පන්දු යවන්නන් අතර වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගත් දඟ පන්දු යවන්නා වශයෙන් ක්‍රිකට් වාර්තා පොතට එක්ව සිටින රංගන හේරත් ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර සිටියි.

    එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සිය සමුගැනීමේ තරගාවලිය බව මීට මාස කිහිපයකට ඉහතදීම රංගන හේරත් ප්‍රකාශ කර තිබිණ.

    එහෙත් එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ආරම්භක තරගය පැවැත්වෙන ගාල්ලේදීම තමන් ටෙස්ට් පිටියෙන් සමුගැනීමට සූදානම් බව රංගන හේරත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරීන්ට දැනුම් දී තිබේ.

    රංගන හේරත් වසර 1999 දී සිය පළමු ටෙස්ට් තරගයට සහභාගි වූයේත් ගාල්ලේදීමය.

    මේ වන විට ටෙස්ට් තරග 92 කට ක්‍රීඩාකර ඇති රංගන හේරත් ටෙස්ට් කඩුලු 430 ක් දවා ගැනීමට සමත්ව ඇත.

     

    Last modified on සදුදා, 22 ඔක්තෝබර් 2018 14:02

    Latest News