බුකීකරුවන් 20ක් ගැන ICC යෙන් විමර්ශන

ඔක් 19, 2018

    ක්‍රිකට් ක්‍රීඩකයන් තරඟ පාවාදීම්වලට පොළඹවන බුකීකරුවන් 20 දෙනෙකු පිළිබඳව විමර්ශන කටයුතු සිදුකරන බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) වාර්තා කරයි.

    ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක ඔවුන් අතුරෙන් 6 දෙනෙකු පිළිබඳ තොරතුරු රැසක් අනාවරණ කරගෙන ඇති බව අයි.සී.සී. දූෂණ මර්දන කමිටුවේ කළමනාකරු ඇලෙක්ස් මාර්ෂල් මහතා පවසා ඇත.

    ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ දූෂණ මර්දන කමිටු නියෝජිතයින් පිරිසක් එංගලන්ත ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වීමට පෙර දෙපිලේ ක්‍රීඩකයන් මුණ ගැසී තිබේ.

    ඔවුන්ට අදාළ සැකකටයුතු පුද්ගලයින්ගේ ඡායාරූප පෙන්වා ක්‍රීඩකයින් දැනුවත් කළ බව ඇලෙක්ස් මාර්ෂල් මහතා වැඩිදුරටත් පවසා ඇත.

    Latest News