එංගලන්තයට ජය

ඔක් 18, 2018

    සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන එක්දින තරඟය කඩුලු 07කින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

    මහනුවර පල්ලෙකැලේ ක්‍රිඩාංගණයේ පැවති තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරඟය පන්දු වාර 21කට සීමා වුණි.

    ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 21 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 150ක් ලබාගත්තේය.

    ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 36ක් සහ සධීර සමරවික්‍රම ලකුණු 35ක් ලබාගත්තේය.පන්දු යැවීමේදී අදිල් රෂීඩ් කඩුලු 04ක් සහ ටොම් කරන් කඩුලු 03ක් බිඳ හෙලුවේවය.

    පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්ත කන්ඩායම පන්දු වාර 18යි පන්දු 03ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.එංගලන්ත ඉනිම වෙනුවෙන් නායක ඉයන් මෝගන් නොදැවී ලකුණු 58ක් ලබාගැනීමට සමත් වුණි.

    Last modified on බ්‍රහස්පතින්දා, 18 ඔක්තෝබර් 2018 11:08

    Latest News