20-20 ජය කොදෙව්වන්ට

දෙසැ 23, 2018

    බටහිර ඉන්දීය කොදෙව් සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවති 20-20 ක්‍රිකට් තරගාවලියේ ජය, කොදෙව් කණ්ඩායමට හිමිවෙයි.

    අවසන් තරගය බංගලාදේශයේ ඩකා හිදී ඊයේ පැවැත්විණ. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 190ක් රැස් කළහ. ප්‍රවේගකාරී පිතිහරඹයක නිරතවූ ඉවන් ලෙව්ස් පන්දු 36ක දී ලකුණු 89ක් රැස් කළේය.

    ඊට හයේ පහර 8ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් විය. ලකුණු 191ක ඉලක්කයක් හඹාගිය බංගලාදේශයට සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 140ක් පමණි. ලින්ටන් ඩාස් ලකුණු 49යි. පන්දු යැවීමේදී කීමෝ පොල් කඩුලු 5ක් දවා ගත්තේය.

    පිටියේ විනිසුරුගේ තීරණයක් සම්බන්ධයෙන් කොදෙව් ක්‍රීඩකයෝ දැඩි විරෝධයක් එල්ල කළහ. පසුව, තරග තීරක ගත් තීරණය හේතුවෙන්, තරගය යළි ආරම්භ කෙරිණ. කෙසේ වෙතත් තරග තුනකින් සමන්විත කොදෙව්-බංගලාදේශ 20-20 ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීමට කොදෙව්වන් සමත්විය. තරගයේ වීරයා සම්මානය ඉවන් ලෙවිස්ට හිමිවිය.

     ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

     

     

     

     

     

    Latest News