සතියක් ඇතුළත දිවයිනේ සියලුම ගුරුවරුන්ට 'කොවිඩ් 19' එන්නත ලබාදීමේ වැඩසටහන මේ මස 12 වැනි සඳුදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

කොවිඩ් මර්දනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර ඇති එන්නත්කරණ වැඩසටහන බස්නාහිර පළාතෙන් පසු මහනුවර,කුරුණෑගල හා රත්නපුර යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කරන බව, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

කොළඹ නගර සීමාවේ වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා කොවිඩ්-19 එන්නත ලබාගැනීම සදහා පහසු වේලාවක් ස්වංක්‍රියව නොමිලයේ වෙන්කරවා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව නාගරික කොමසාරිස් නීතීඥ රෝෂණී දිසානායක පවසයි.

Latest News