මිරිහාන උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගෙන ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කළ විසිඑක් දෙනෙකු පුද්ගලික ශරීර ඇපමත මුදා හැරේ තිබේ.

එක්ස්ප්‍රස් පර්ල්නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද එම නෞකාවේ දේශීය නියෝජිත සී කොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගමේ සභාපති අර්ජුන හෙට්ටිආරච්චි මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත පත් කෙරුණු විශේෂ කමිටුවේ නිර්දේශ මත අධිකරණ නියමයෙන් රැඳවියන් 2,961 දෙනෙක් ඇප මත මුදා හැරෙති. මාර්තු මස 17 වනදා සිට අද (04) දක්වා කාලසීමාවේදී මේ පිරිස නිදහස් කර තිබේ.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු බව කියන මොහොමඩ් පවාස් නැමැත්තා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Latest News