පොලිස් නිලධාරින් 31,500 දෙනෙකුට අදියර 3ක් යටතේ උසස්විම් ලබා දීමේ වැඩපිළිවෙලේ පළමු අදියර යටතේ නිලධාරින් 5824 දෙනෙකුට උසස්විම් ලබාදීමට තීරණය කර තිබේ.

පොලිස් අධිකාරී ඔෂාන් හේවාවිතාරන මහතා කුලියාපිටිය කොට්ඨාසභාර නිලධාරී තනතුරේ සිට කළුතර පොලිස් විද්‍යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස ද ස්ථානමාරුවීම් සිදුකර තිබේ.

දිවයිනේ සෑම පොලිස් කොට්ඨාසයකම, ඉතා කැපවිමෙන් හා විශිෂ්ට ලෙස රාජකාරි ඉටු කළ පොලිස් නිලධාරින්ගේ සේවය ඇඟයීම සහ ඔවුනට මුදල් ත්‍යාග පිරිනැමීමේ විශේෂ ත්‍යාග ප්‍රදානෝත්සවයක් පැවැත්විණ. ඒ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(02) ශ්‍රි ලංකා පදනම් ආයතන ශ්‍රවනාගාරයේ දී.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මත නියෝජ්‍ය පොලිස්පතිවරු 15 දෙනෙකුට හා පොලිස් අධිකාරීවරු 03 දෙනෙකු ස්ථාන මාරුවීම් සිදුකර තිබේ. 

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු දෙදෙනෙකු, පොලිස් අධිකාරීවරු පස් දෙනෙකු සහ ස්ථානාධිපතිවරු පස් දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 26 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

Latest News