ඉකුත් දශක පහකට ආසන්න යුගයේ පැවති සෑම ආණ්ඩුවක් කාලයේ ම රටේ වන ඝනත්වය පහළ ගොස් තිබෙන අතර, පරිසර සංරක්ෂණය සහ වන සම්පත වර්ධනය කර ගැනීම වෙනුවෙන් පසුගිය සිව් වසර තුළ ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ හේතුවෙන් රටේ වන ඝනත්වය යම් ප‍්‍රමාණයකින් වර්ධනය වී තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.

රට ගොඩනැගීමේ වැඩපිළිවෙළේ දී විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ක්ෂේත‍්‍රවල සහාය වඩා දැඩිව අවශ්‍යව ඇති බව ජනපති පවසයි.

සෑම විෂය ක්ෂේත්‍රයකටම අදාළව රාජ්‍ය මෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල ද පැවතිය යුතු බව තම ප්‍රතිපත්තිය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි. රාජ්‍ය විශ්වවිද්‍යාලවල පවතින අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය ඒ අකාරයෙන්ම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල ද පැවතීම අනිවාර්ය බව ද ඔහු කියා සිටියි.

ජගත් ඕසෝන් දින සැමරුම් ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්විණි.

අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට අදාළ ලිපිලේඛනවලට ජනපති අත්සන් තබයි.

වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ නව අධ්‍යයන කේන්ද්‍ර ගොඩනැඟිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (21) පෙරවරුවේ විවෘත කෙරිණි.

රාජ්‍ය දැව සංස්ථාවේ අඩ සියවසක සැමරුමට සමගාමීව අභිනවයෙන් ඉදිකරන ලද අනුරාධපුර නව ප‍්‍රාදේශීය කාර්යාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (17) පෙරවරුවේ විවෘත කෙරිණි.

රටේ පවතින නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන අතරම රටේ ගැටලූ සහ ප‍්‍රශ්න හඳුනා ගනිමින් හොඳ රටක් සහ යහපත් අනාගත පරපුරක් ගොඩනැගීමට සියලූදෙනා එක්විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

කිරිපිටි ආනයනයට සහ කිරිවලට අදාළ අනෙකුත් ආහාර සඳහා වාර්ෂිකව වැයකරන රුපියල් කෝටි 10,000කට වැඩි අතිවිශාල මුදල රටට ඉතිරි කර ගැනීම වෙනුවෙන් සහ දැයේ දරුවන් සුපෝෂිත පරපුරක් ලෙස ගොඩනැගීම වෙනුවෙන් දේශීය කිරි ගොවියා ශක්තිමත් කළ යුතුව ඇති බව ජනාධිපතිතුමා පවසයි.

රට හමුවේ මතුව ඇති ත‍්‍රස්ත අභියෝගය ජය ගැනීමට මෙරට සියලූ ආරක්ෂක අංශ නව ජවයකින් ශක්තිමත්විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

Latest News