“දවුල්දෙණ ඤාණීස්සර මහා නාහිමි” ගුණානුස්මරණ ගොඩනැඟිල්ල විවෘත කිරීම (වීඩියෝ)

ඔක් 12, 2019

    “දවුල්දෙණ ඤාණීස්සර මහා නාහිමි” ගුණානුස්මරණ ගොඩනැඟිල්ල විවෘත කිරීම ජනපති ප්‍රධානත්වයෙන් අද සිදුවිය.

    උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාවේ මහා නායක අපවත් වී වදාළ අග්ගමහා පණ්ඩිත පූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර මහානයක ස්වාමින් වහන්සේගේ ගුණානුස්මරණය කරමින් ඉදිකරන ලද පාගොඩ, “දවුල්දෙණ ඤාණීස්සර මහා නාහිමි” ගුණානුස්මරණ ගොඩනැගිල්ල විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් අද (12) පස්වරුවේ සිදු විය.

    නුගේගොඩ, පාගොඩ දවුල්දෙණ ඤාණීස්සර භික්ෂු විවේකාරාමය හා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය බණ්ඩාරවෙල නන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් දෙස් විදෙස් දායක දායිකාවන්ගේ ධන පරිත්‍යාගයෙන් රුපියල් මිලියන 45ක පමණ වියදමින් කෞතුකාගාරය, පුස්තකාලය, චෛත්‍ය රාජයාණන් වහන්සේ සහිත ගොඩනැඟිලි සංකීණය ඉදිකර තිබේ.

    සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කළ ජනාධිපතිතුමා කෞතුගාරයේ නිරික්ෂණ චාරිකාවකට ද එක් විය.

    ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහා නායක පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර, පූජ්‍ය ආචාර්ය කොටුගොඩ ධම්මාවාස යන නායක ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය ඇතුළු ගිහි පැවිදි පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

    Latest News