පසුගිය 17 වැනිදා සමස්ත දිවයිනේ විදුලිය විසන්ධිවීම කිසිදු බලාගාරයක උපකරණමය දෝෂයක් නොව පුද්ගල අත්වැරදීමක් නිසා සිදුවූ දෙයක් බව මේ වන විට තමන් යම් නිගමනයකට එළඹ සිටින බව විදුලි විසන්ධිවීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ අතුරු වාර්තාව මගින් හෙළිදරව් කරයි.

විදුලි බිල්පත් ගෙවීමට මාර්තු 31 දක්වා සහන කාලයක් ලබා දීමට මගී ප්‍රවාහන කළමනාකරණ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.

විදුලිබලය උත්පාදනය කෙරෙන ජලාශ කළාපවලට වැසි අපේක්ෂාවෙන් වසර ගණනක් තිස්සේ වාර්ෂිකව අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිඳුන් අබියස පැවැත්වෙන පිංකම් මාලාව අද(12) හා හෙට(13) දිනයන්හි දී සිදු කෙරෙන බව විදුලිබල බලශක්ති හා ප්‍රවාහණ කළමනාකරණ අමාත්‍යාංශය සදහන් කරයි.

කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ කැළිකසල ගැටළුවට තිරසර විසඳුමක් ලබා දෙමින් ඝන අපද්‍රව්‍ය යොදා ගනිමින් මෙගවොට් 10ක විදුලිබලය නිපදවීමේ කටයුතු ලබන මැයි මාසයේ සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

ජාතික විදුලිබල ක්ෂේත්‍රයේ දැනට මතුව තිබෙන ගැටලු පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඉදිරියේ දී ලංකාවට බලපෑ හැකි විදුලිබල අර්බුදය පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසන් සභාව සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් සමග මගී ප්‍රවාහන කලමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර සාකච්ඡාවක් පැවැත්විණ.

ඉකුත් ආණ්ඩු සමයේ, ලංකා විදුලිබල මණ්ඩලයේ ඇතැම් නිලධාරීන්, මහජන මුදල් කොල්ලකෑම සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වන්නැයි, විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී.

විදුලිය සදහා වන ඉල්ලුම යලිත් ඉහළ යාමත් හා විදුලි බල ජලාශවල ජල මට්ටම අඩුවීමත් තිබිය දී අර්බුදයකින් තොරව අඛණ්ඩ විදුලි සැපයීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි එහි අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.

යෝජිත විදුලි මිලදී ගැනීම් සහ ගිවිසුම් අලූත් කිරීමත් සමග පවතින විදුලි අර්බුදය බොහෝ දුරට සමනය විය හැකි බව, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

නොරෙච්චෝලේ තාපවිදුලි බලාගාරයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට විදුලිය සැපයීමට බාධා එල්ල වී තිබේ. 

Latest News