විදුලිය ඉල්ලුම යලිත් ඉහළට.......සැපයුම අඛණ්ඩව.......විදුලි බල අමාත්‍යාංශය

මැයි 09, 2019

    විදුලිය සදහා වන ඉල්ලුම යලිත් ඉහළ යාමත් හා විදුලි බල ජලාශවල ජල මට්ටම අඩුවීමත් තිබිය දී අර්බුදයකින් තොරව අඛණ්ඩ විදුලි සැපයීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි එහි අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.

    විදුලි බල ජලාශවල ජල මට්ටම ගිය සතියේ 32% දක්වා පැවති නමුත් එය අද (09) වන විට 30% දක්වා පහත බැස ඇත.පසුගිය සදුදා මෙගාවොට් 45 ක්ව පැවති විදුලි ඉල්ලුම ඊයේ (08) 46.4% දක්වා ඉහළ ගොස් ඇතැයි ඒ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    විදුලිය අඛණ්ඩව සැපයීම සදහා පෞද්ගලික අංශයෙන් විදුලිය මිලට ගනු ලබයි.මේ වන විට පෞද්ගලික ඩීසල් බලාගාරවලින් විදුලිය මෙගාවොට් 52 ක් ලබා ගෙන ඇති අතර මේ සතියේ තවත් මෙගා වොට් 48 ක් මිලයට ගන්නා බව ජයවර්ධන මහතා කීය.

    ඒ හැර ඒෂියා පවර් සහ එස් පවර් යන පෞද්ගලික බලාගාරවලින් ද මෙගාවොට් 71 ක විදුලිය ප්‍රමාණයක් මිලට ගෙන ඇත.කොළඹ වරායේ පිහිටි බලාගාරය අලුත්වැඩියා කොට එයින් මෙගාවොට් 60 ක විදුලිය ලබාගන්නා බවද ඒ මහතා සදහන් කළේය.

    මේ අතර තුර්කි සමාගමක් සතු පාවෙන බලාගාරයකින් මෙගාවොට් 200 ක විදුලිය මිලදී ගැනීම සදහා කැබිනට් මණ්ඩලය විසින් පත්කළ තාක්ෂණ කමිටුවක් එම සමාගම සමග සාකච්ඡ කරගෙන යන බවද සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය

     

    Latest News