විල්පත්තු රක්ෂිතය ආශ්‍රීත කල්ලාරු වනාන්තර කලාපය එළිකරමින් සිදුකර තිබු අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් පසුගියදා අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව තමන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් මහතා පවසනවා.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සමට අදාළ තීන්දුව ජුලි මස 31 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කර තිබේ.

විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිත වනාන්තර කලාපයේ තවදුරටත් ගස් කපා වනාන්තර හෙළි කිරීමට ඉඩ නොදෙන බව වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

පුල්මුඩේ ඛණිජ වැලි නිධිය විදෙස් සමාගමකට විකිණීමට යන බවට කියවෙන ප්‍රකාශ බොරු ප්‍රචාරයක් බවත් විල්පත්තුව කියන්නේ රටේ සම්පතක් බවත් විල්පත්තුව විනාශ කරන බවට ලොකු චෝදනාවක් හා බොරුවක් එල්ල කරන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පවසයි.

Latest News