හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අද දෙවන දිනයේත් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නාවික හමුදාපතිවරයා සහ වැඩබලන පොලිස්පතිවරයා මාර්ගයෙන් යළි සිතාසි නිකුත් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියෝග කළේය.

පුද්ගල පැහැරගැනීමකට සම්බන්ධ පරීක්ෂණයකට අදාළව ලබන 26 සභ 28 යන දෙදින තුළ රහස් පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන ලෙස හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට නියෝග කර තිබේ.

හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ හිටපු ගුවන් හමුදාපති විශ්‍රාමික එයර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ගෞරවනීය නිලයකින් පිදුම් ලබා තිබේ.

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද(04) සිව්වැනි දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

Update - අධිකරණ නියෝග මත අද (11) උදෑසන CIDයට පැමිණි හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ පැය 8කට පමණ පසු ඉන් පිටව ගොස් තිබේ.

Latest News