දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනය හෙට (22) මධ්‍යම රාත්‍රියේ දින සිට ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව රුපියල් 10ක්ව පැවැති අවම ගාස්තුව 20ක් දක්වා ඉහළ දමා තිබේ.

අදාළ ගැසට් නිවේදය පහතින්

එම ගැසට් පත්‍රය මෙතනින්

දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. දුම්රිය මගී ප්‍රවාහන ගාස්තු මෙවර සංශෝධනය කෙරෙන්නේ වසර 5කට පසුවයි.

කාණ්ඩ කිහිපයකට අදාළව දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු සංශෝධනය සඳහා කැබිනට් අනුමැති හිමිවූ බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

දුම්රිය ගාස්තු අවම ප්‍රමාණයකින් ඉහළ දැමීමට සිදුවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

Latest News