දුම්රිය ගාස්තු සංශෝධනයට අනුමැතිය

ජූනි 28, 2022

    දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. දුම්රිය මගී ප්‍රවාහන ගාස්තු මෙවර සංශෝධනය කෙරෙන්නේ වසර 5කට පසුවයි.

    වසර 14කට අධික කාලයක සිට දුම්රිය භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ද සංශෝධනය කර නොමැත. මේ තත්වය සැළකිල්ලට ගත් කැබිනට් මණ්ඩලය මෑත කාලීනව ඉන්ධන මිලෙහි සිදුවූ ශීඝ්‍ර ඉහළ යාම මත දුම්රිය දෙපාර්තමේන්තුවේ පුනරාවර්ථන පාඩුව තවදුරටත් ඉහළ යන බව හඳුනාගෙන තිබේ.

    දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළ නංවා ගැනීම අත්‍යවශ්‍ය කරුණයක්.

    Latest News