සේනා දළඹු විශේෂය නැවත වරක් රජරට ප්‍රදේශයේ ගොවි බිම්වල ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හොරිවිල ප්‍රදේශයේ ගොවීහු පවසති.

සේනා දලඹුවන්ගේ ගහණය පාලනය කිරීම සදහා ෆෙරමෝන උගුල් 20000 ක් එක්සත් රාජධානියෙන් ආනයනය කිරීමට  අවශ්‍ය කටයුතු දැනටමත් ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

ත්‍රීපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු විදේශීය රටවලින් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල තීරණයක් ගත් බවත් එමගින් “සේනා” දළඹුවා ශ්‍රී ලංකාවට පැමිණි බවට ඇතැම් විපක්ෂ දේශපාලනඥයින් මාධ්‍ය ඔස්සේ කළ ප්‍රකාශ පදනම් විරහිත බව ශ්‍රී ලංකා ත්‍රීපෝෂ ලිමිටඩ් හි සභාපති බී.ජී.එස් ගුණතිළක මහත්මිය ප්‍රකාශ කරයි.

මිලියන 250න් නොනැවතී සේනා දලඹුවන්ගෙන් හානි වූ ගොවිබිම් සදහා වන්දි ලබා දෙන්න කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා ප්‍රකාශ කරයි.

සේනා දළඹුවාගේ රුව සහිත දින දර්ශනයක් මේ වසර සඳහා නිකුත් කර තිබේ.

“සේනා” දළඹුවා සහ සළබයා මර්දනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කෘමිනාශක වර්ග 03ක් වහා ක්‍රියාත්මක වන පරිදි නිර්දේශ කර තිබේ.

"සේනා" දළඹුවා මර්දනය සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ වනවිටත් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

Latest News