2021 වර්ෂය සඳහා බස්නාහිර පළාතේ පිහිටි රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු ශ්‍රේණිය ඇතුළු මෙතෙක් ආරම්භ නොකළ අනෙකුත් ශ්‍රේණි 2021/03/29වන දින ආරම්භ කිරීමට අදාළ විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

මාර්තු 15වන සඳුදා දින බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කරන්නේ 05වන ශ්‍රේණිය, 11වන ශ්‍රේණිය සහ 13වන ශ්‍රේණිය සඳහා පමණක් වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

බස්නාහිර පළාතේ සහ හුදෙකලා කරන ලද ප්‍රදේශ හැර අනිකුත් සියලු ප්‍රදේශවල පාසල්වල 2 සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති හෙට ආරම්භ කෙරෙනවා.

තුන්වන පාසල් වාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ සෞඛය බලධාරීන් හා අදාළ පාර්ශ්වවල අදහස් ලබා ගැනීමෙන් පසුව බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.

රජයේ සියලු පාසල්වල 6 වන ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට අද (02) සිට සාමාන්‍ය පරිදි පාසල් විවෘත කෙරෙනවා.

සියලුම රජයේ පාසල්වල 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය සැප්තැම්බර් 02 වෙනිදා සිට පෙ.ව .7.30 සිට ප.ව 1.30 දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම නිසා ලබා දුන් දීර්ඝ නිවාඩුවට පසුව අද (10) සිට සියලු ශ්‍රේණි සඳහා පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ වේ.

නිවාඩු ලබාදුන් රජයේ සියලූ පාසල් අගෝස්තු මස 10 වන දා සිට යළි අධ්‍යාපන කටයුතු අරඹන බව නිවේදනය කරයි.

පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව පිළිබදව ඊයේ (16) සෞඛ්‍ය අංශ වෙත විමසීම් ඉදිරිපත් වූ බවද, ඊට අදාළ සෞඛ්‍ය නිර්දේශ අධ්‍යාපන අමාත්‍යංශයට අද ලබාදෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දැමුණු රජයේ සියලු පාසල් අද (06) සිට යළි ආරම්භ කෙරිණ.

Latest News